Gossips

පස් කන්දක් කඩා වැටීම නිසා, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිටී

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.
මේ නිසා අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙතින් ඉල්ලීමක් ද කර තිබෙනවා.