වරකාගොඩ – උඩෝවිට – ගීකියනවත්ත පාර ප්‍රදේශයේදී අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
අද (07) අලුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 60, 55 සහ 28 යන වයස්වල පසුවන කාන්තාවන් තුන් දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.
