පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය සහ 61 හැවිරිදි පුංචි අම්මා මෙලෙස ගින්නට හසුව මියගොස් ඇති බවයි.
ගිනිගැනීමට ලක්වූ වෙළඳසැලට ඇතුලූවීමට සහ පිටවීමට ඇත්තේ එකම දොරටුවක් බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
