පස්සර නගරයේ වෙළඳ සැලක ඇතිවූ ගින්නකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර කාන්තාවන් තිදෙනා වෙළඳසැල පිටුපස කොටසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
