Gossips

පස්සරදී දිය පහරකට හසුවී දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

පස්සර – එගොඩගල ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් එගොඩවීමට ගිය මවක සහ දියණියක සැඩ පහරට හසුව ගසාගෙන ගොස් දැරිය මියගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා බේරාගෙන බරපතල තත්වයෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමේදී 10 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම දැරිය ශිෂ්‍යත්ව පන්තියකට සහභාගිවී මව සමඟ නැවත පැමිණෙන විට මෙම ඛේදවාචකයට මුහුණදී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.