Gossips

පස්වරු දෙකෙන් පසුව ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව, මුලතිව්, වවුනියාව යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3 ත් 3.5 ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.