Gossips

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
සෙසු පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර හම්බන්තොට සිට මඩකලපුව ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රලු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.