බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
ඊට අමතරව අකුණු අනතුරු ද ඇති විය හැකි බැවින් ඒ පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.