Gossips

පස්මස් ගැබිණිය ඝාතනය කළ ඝාතකයා, පොලිසිය ඉදිරියේ කළ පාපොච්චාරණය (ඡායාරූප)

කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.
කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාව ඇඟළුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක අංශයේ රාජකාරි කර ඇති අතර සැකකරු එම කර්මාන්ත ශාලාවේම පරීක්ෂක නිළධාරිවරයා ලෙස සේවය කර ඇති බවයි.
එහිදී දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් හටගෙන ඇති අතර එම සම්බන්ධය මත අදාල කාන්තාවට සැකකරුගෙන් දරුවෙකු පිළිසිදගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාල කාරණය කාන්තාව විසින් සැකකරු වෙත පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ අදාල කාන්තාවට තමන්ගෙන් දරුවෙක් ලැබීමට ඇති බවට ඇය පැවසූ බවත් එහිදී තමන්ව විවාහ කරගන්නා ලෙසට ඇය තමන් වෙත පැවසූ බවයි.
කෙසේ වෙතත් තමන් විවාහකයෙකු වීම හේතුවෙන් එලෙස විවාහයක් සිදුකර ගැනීමට නොහැකි නිසා දෙදෙනාම සියදිවි හානිකර ගැනීමට තීරණය කළ බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
ඒ අනුව පසුගිය 28 වනදා අදාල කාන්තාව සමඟ සියදිවි හානිකර ගැනීමේ අරමුණින් කාන්තාවගේ යතුරුපැදියෙන් කිලිනොචිචිය, අම්බාල්කුලම් වැව පිහිටි ප්‍රදේශයට දෙදෙනාම ගිය බවයි සැකකරු පාපොච්ච්රණය කර ඇත්තේ.
අනතුරුව එහිදී තමන් විසින් කාන්තාව ගෙළ දමාගෙන සිටි රාජකාරි හැදුනුම්තේ පටිය ආධාරයෙන් ගෙල සිරකර ඇයව ඝතනය කළ බවට සැකකරු පවසා තිබෙනවා.
සැකකරු සිදුකළ අපරාධය පොලිසිය හමුවේ වැඩිදුරටත් පපොච්ච්රණය කර ඇත්තේ මෙලෙසින්.
"නිත්‍යකලා ඇඳගෙන හිටපු ඇදුම්වලින් මිනිය අදුරගනියි කියලා නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගලවලා, නිත්‍යකලාගේ අත් බෑගය, ඇදුම් හා ජංගම දුරකතනයයි යතුරුපැදියයි අරගෙන මිනිය කුඹුර මැද තියලා මම එන්න පිටත්වුණා. එහෙම එනකොට අත්බෑගය අම්බාල්කුලම වැවට දැම්මා. දාලා ජංගම දුරකථනය වෙනත් තැනකට විසි කරලා, ඇදුම් ගිනි තියලා මම නිත්‍යකලාගේ යතුරුපැදිය අරගෙන ගෙදර ආවා.
ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා. ඒත් මගේ දරුදෙන්නා මතක් වුණ හින්දා ඒ තීරණය අතහැරියා. ඒත් මගේ නෝනා ඇහුවා මෝටර් සයිකලය කාගෙද කියලා. මම කිව්වා යාළුවෙක්ගේ කියලා. එහෙම ඉන්නකොට තමයි මම අහුවුණේ."
මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාව ඝාතනය කර තිබියදී ඇයගේ සිරුර කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී පසුගිය 29 වනදා සොයා ගැනුණා.
මෙලෙස සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම මරණය කාන්තාවගේ ගෙල කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකර සිදුකළ ඝාතනයක් බවටයි.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් බවටද අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පොලිසිය පැවසුවේ වැවේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ බවයි.
මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (31) කිලිනොච්චිය, මුරුකන්ඩි ප්‍රදේශයේදී සිදු කෙරුනා.



ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය