Gossips

පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ ඒකාධිපති පාලනයක් ගෙන යන බවට ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළ අතර, එම කරුණු මුල් කරගනිමින් ඇමරිකාව වෙනිසියුලාවට සම්බාධකද පනවා තිබෙනවා.