රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු කොටුව අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළේ පිහිටි අවන්හල අවුරුදු දෙකක කුලී පදනම මත ලබාදීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා.
