පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ පෙරවරු 6 සිට මේ දක්වා කාලය තුළ පොලීසිය වෙත පැමිණිලි 202 ක් ලැබී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඒ අතර බැන තර්ජනය කිරීම්, බිය වැද්දීම්, මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ නීතිවිරෝධී ප්රචාරක කටයුතු ද වන බවයි.
මේ අතර, පොළොන්නරුව – ගල්ලෑල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ආධාරකරුවන් දෙදෙනෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ගැටුමට මැදිහත් වූ දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
එමෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීම සදහා පෙළපාලිවල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.