Gossips

පවුල් වාදයට අකමැති වෙල්ගම

පවුල් වාදයට තමන් කිසිසේත් එකඟ නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) මතුගම පැවති උත්සවයකින් අනතුරුව 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධනේද අදහස් පළ කළා.