Gossips

පවුලක් බේරා ගැ‍නීමට ගොස්, ලංකාවම කම්පා කරමින් මියගිය පොලිස් නිලධාරියා යළි මාදම්පේ පොලිසියට එයි

පවුලක් බේරා ගැ‍නීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප)
ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැ‍නීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ මාදම්පේ පොලීසියට ගෙනවිත් තිබෙනවා.
පසුගිය 25 වැනිදා දහවල් මෙම අනතුර සිදු වුණා.
මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් ගලවා ගැනීම සදහා යමින් සිටියදී පොලිස් නිලධාරියා සැඩ පහරකට හසුවී ජලයේ
ගසා ගෙන ගොස් තිබුණා.
එදින සිට ඔහු සොයා නාවුක,යුධ හමුදාව,පොලීසිය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.
27 වැනිදා පෙරවරුවේ අනතුර සිදුවූ ස්ථානයට මීටර් 200 ක් පමණ නුදුරින් තිබී නාවුක හමුදාව විසින් මළ සිරුර සොයා ගත්තා.
හලාවත මහා රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මාදම්පේ පොලීසිය වෙත ගෙන එනු ලැබුවා.
එහිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් ද සිදු කළා.
මාදම්පේ පොලීසියේ දේහය තැම්පත් කර තිබෙන අවස්ථාවේදී විශාල පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව රිය පෙරහැරකින් දේහය ගිරිඋල්ල – මල්ගමුව ප්‍රදේශය බලා රැගෙන යනු ලැබුවා.
දේහය රැගෙන යන විට අනතුර සිදුවූ ගල්මුරුව ප්‍රදේශයේ ජනතාවද එම ස්ථානයේ රැදී සිට මිය ගිය පොලිස් නිලධාරියාට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
අවසන් කටයුතු 28 වැනිදා සවස ගිරිඋල්ල – මල්ගමුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.