Gossips

පවතින වැසි තත්වය තවදුරටත්

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාව ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් දක්වා තරමක් තද සුළං බලාපොරොත්තුවන බවයි ඔවුන් සඳහන් කළේ