Gossips

පවතින දේශපාලන තත්ත්වය ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් නිවේදනයක්

පවතින දේශපාලන අර්බුදය මහමැතිවරණයකින් හෝ ජනමත විචාරණයකින් විසදා ගැනීම ත්‍රෛනිකායික මහා සංඝරත්නය අනුමත කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡුන්ම දිනයට සමගාමීව ඊයේ පැවැති දානමය පුණ්‍ය කර්මයකට කොළඹ දී එක්වෙමින්.
මේ අතර, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම මහමැතිවරණයකට යාමේ විසඳුමකට කැමැත්ත පළ වී ඇති බවයි.
එබැවින් එම ක්‍රියාදාමය ආරම්භ වන තෙක් දෙපාර්ශවයේම එකඟතාව මත භාරකාර රජයක් පිහිටුවීම හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් සඳහා එකඟතාවක් ඇති කර ගත යුතු බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව කැදවීමෙන් වැළකී සිටින ලෙසට ද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉල්ලා සිටිනවා.