Gossips

පලා ගිය මැණික් ජාවාරම්කරුවෝ (ඡායාරූප)

බගවන්තලාව – චැපැල්ටන් තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පිරිසක් අල්ලා පොලිසියට භාරදීමට වතු කම්කරුවන් පිරිසක් උත්සහ කර තිබෙනවා.
තේ වත්තේ, තේ පදුරු ගලවා විශාල වලවල් හාරා පිරිසක් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට වතු යායේ වතු කම්කරුවන් පිරිසකට ඊයේ (23) රාත්‍රියේ තොරතුරක් ලැබී ඇති බව සඳහන්.
එහිදී කම්කරුවන් පිරිස ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට යන අවස්ථවේදී අවස්ථාවේදී මැණික් ජාවාරම්කරුවන් පිරිස මැණික් ගැරීමට යොදාගන්නා උපකරණ සහ කැපු මැණික් ඉල්ලම් තොගයක් ද එම ස්ථානයේම දමා පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මැණික් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වතු කම්කරුවන් විසින් හදුනාගෙන ඇති අතරල ඔවුන් සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කරන බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
තේ පදුරු යට විශාල වලවල් හාරා සිදුකරන මෙම අනවසර මැණික් ගැරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් තේ දළු නෙලන වතු කම්කරුන්ගේ ජීවිත ද අවදානමකට ලක්ව ඇති බවද එම වතුයායේ කම්කරුවන් පවසනවා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ