Gossips

පලාගිය රැඳවියන් 6දෙනාගෙන් අයෙක් දැලේ

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය රැදවියන් 6 දෙනාගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බද්දේගම ප්‍රදේශයේදීම මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණ අතර, ඉතිරි රැදවියන් 5 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ මෙහෙයුමකදීයි මෙම රැඳවියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන රැඳවියන් සොයා මෙහෙයුම දියත් කළ අයුරු පහතින්.