Gossips

පලාගිය කුඩු සුද්දී අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන සිටියදී පලාගිය, කුඩු සුද්දි නමැති කාන්තාව යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හික්කඩුව – කළුපේ ප්‍රදේශයේදී ඊයේ 40 හැවිරිදි ඇය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
පසුගිය 29 වනදා ඇය හික්කඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ පලාගොස් තිබුණේ ජලය පානය කිරීමට අවශ්‍ය බව සඳහන් කර ඇය භාරව සිටි නිලධාරීන් නොමඟ යවමින්.
සිද්ධියට අදාළව හික්කඩුව පොලීසියේ, පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කර තිබුණා.