Gossips

පල්ලෙකැලේ අභයභූමියේ බඳින තුවක්කු ඇටවූ දෙදෙනෙකු අත්අඩංගුවට

කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ වනජීවී නිලධාරින් ගමන් ගන්නා මාර්ගයක බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බදින තුවක්කු 4 ක්, උණ්ඩ කිහිපයක් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අපේ වාර්තාකරු සඳහන් කළේ.
සැකකරුවන් පලාගල – බමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.