Gossips

පල්ලම – යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

පල්ලම – වතුපොළ මාර්ගයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 15 හැවිරිදි පල්ලම – පොත්තුකුලම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.
පොලීසිය සඳහන් කළේ එක් යතුරුපැදියක් පැදවූ සිසුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.