Gossips

පලස්තීන හෙද සේවිකාවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඝාතනය කරයි

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ සේවයේ නිරතව සිටි පලස්තීන හෙද සාත්තු සේවිකාවක් ඝාතනය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පලස්තීනයේ තුවාල ලැබූ පුද්ගලයින්ට සහන සේවා සපයමින් සිටියදී 21 හැවිරිදි ඇය වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් නිෂේධ බලය යොදා පරාජයට පත් කළා.
අරාබි රටවල් වෙනුවෙන් කුවේටය මෙම යෝජනාව ඉදිරිපත් කළේ ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ මාර්තු මස අවසානයේ සිට පවතින ගැටුම්වලින් පලස්තීනුවන් 123 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.