Gossips

පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා

ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කළේ ආරක්ෂක මණ්ඩලයේ අරාබි රටවල් නියෝජනය කරමින් කුවේටය විසින්.
එමඟින් ඉල්ලා සිටියේ සිද්ධීන් පිළිබඳව විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
සාමකාමී ලෙස ඇරඹුණු විරෝධතාවලට ඊශ්‍රායලය ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම නිසා මියගිය 16 දෙනාට අමතරව තවත් 1400 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඉන් 758 දෙනෙකුම වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ අයයි.