Gossips

පලස්තීන ගාසා තීරය ලෙයින් නැහැවේ

ජගත් සංවිධාන සම්මුතීන්ට මෙන්ම සිය මිතුරු රටවල්වලට පවා පිටුපාමින් ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන යාමත් සමඟ පලස්තීන ගාසා තීරය ඊයේ (14) ලෙයින් නැහැවුණා.
නැගෙනහිර ජෙරුසෙලම සිය අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර සේ සලකන පලස්තීනුවන් දහස් ගණනක් ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ රොක් වී විරෝධතාවල නිරත වූ අතර ඔවුන් ඊශ්‍රායල හමුදාවල වෙඩි පහරට ලක්වුණා.
එහිදී පලස්තීනුවන් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 2700කට අධික පිරිසක් තුවාල ලැබුවා.
මෙය 2014 වසරේ ඇති වූ ගැටුම්වලින් පසු ගාසා තීරයට උදා වූ බිහිසුණුතම දිනයයි.