Gossips

පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට ඇමරිකාව නිශේධ බලය යොදයි

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ (01) ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් නිෂේධ බලය යොදා පරාජයට පත් කර තිබෙනවා.
අරාබි රටවල් වෙනුවෙන් කුවේටය මෙම යෝජනාව ඉදිරිපත් කළේ ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ මාර්තු මස අවසානයේ සිට පවතින ගැටුම්වලින් පලස්තීනුවන් 123 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.
මෙය ඊශ්‍රායල විරෝධී යෝජනාවක් ලෙස හැදින් වූ ඇමරිකාව ඊට එරෙහිව නිශේධ බලය යෙදවුවද ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15න් රටවල් 10ක්ම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
චීනය, ප්‍රංශය සහ රුසියාව ද ඊට පක්ෂ වූ අතර, බ්‍රිතාන්‍යය, ඉතියෝපියාව, නෙදර්ලන්තය සහ පෝලන්තය ඡුන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියා.