Gossips

පරෙවියන් ඇල්ලේ අභිරහස් ලෙස සැඟව ගිය ජීවිතය, ඝාතනයක් බවටත් චෝදනා

බඩල්කුඹුර ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය 06 දෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු චෝදනා කළේ මෙය ඝාතනයක් බවටයි.
බුත්තල, කතරගම සහ කොළඹ ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් 06 දෙනා බඩල්කුඹුරල පරෙවියන් ඇල්ලේ දිය නෑම සඳහා ගොස් ඇත්තේ ඊයේ (21) පස්වරු පහට පමණ.
එහිදී මෙම පුද්ගලයා දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇතත්, ඔහු සමග සිටි සෙසු පුද්ගලයින් එම සිද්ධිය පිළිබඳව ඥාතීන් දැනුවත් කර නැහැ.
පසුව මියගිය පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී පරවියන් ඇල්ලේ ජලය ගලා බසින ස්ථානයක තිබියදී දේහය සොයා ගනු ලැබුවේ ප්‍රදේශවාසින් විසින්.
එම ස්ථානයට පැමිණි මියගිය අයගේ සහෝදරයෙකු වන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු එම ස්ථානයේ සිටි තවත් අයෙකුට චෝදනා කළා.