Gossips

පරිස්සම් වෙන්නැයි හිටපු ජනපති කියයි

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ ධුර කාලය අදින් (20) ආරම්භ වනවා.
සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මේ වන විටත් පත් කර අවසන්.
සියයට 50ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පළාත් පාලන ආයතනවල පැවැත්වෙන ප්‍රථම රැස්වීම් වාරයේදී සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි.
අදාළ රැස්වීම් පැවැත්වීමේ දින මේ වන විටත් පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන 340ක බලය පිහිටුවීම අද (20) සිට සිදුකෙරෙන අතර, ඒ සඳහා තේරී පත්වූ සභිකයින් සංඛ්‍යාව 8356ක්.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින් පිරිසක් අද දිවුරුම් දුන්නා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේදීයි.
දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුව තම මන්ත්‍රීවරුන් දෙස අවදානයෙන් සිටින බැවින් ඒ පිළිබදව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.