Gossips

පරිසර අභියෝග වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ බව ජනපති කියයි

පරිසර අභියෝගය වැඩිම දිස්ත්‍රික්කය බවට මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
සුළුකොට තැකිය නොහැකි මෙම අභියෝගය ජය ගැනීමට පාසල් දරුවාගේ සිට සියලූදෙනා කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව කියාසිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසට ජනාධිපතිවරයා මෙහිදී පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් ද කළා.
සෑම පාසල් දරුවෙකුගේම උපන්දිනයට පැළයක් සිටුවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පරිසරය හෙට මිනිසා ප්‍රමුඛ සියලූ සතුන්ගේ ජීවත්වීම පිළිබද තීරණාත්මක සාධකය වනු ඇති අතර පරිසරය රැක ගැනීම වෙනුවෙන් සියලූදෙනා කඩිනමින් තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.