පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීමට සහ පරිසර දූෂකයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000කගෙන් සැදුම්ලත් පරිසර හමුදාවක් පිහිටුවන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලකා 29ක නිලධාරීන් 200 දෙනෙකු මෙහි පළමු වන අදියර ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත කරන බවයි.
