Gossips

පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කරන්නැයි ජනාධිපතිගෙන් ඇරයුම්

ජාතික රුක් රෝපණ සතිය තුළ සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමට ඊයේ පස්වරුවේ එක්වෙමින්.
එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.