ප්‍රමිතියෙන් තොර පොලිතීන් ටොන් 10 ක් පමණ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා.
දොම්පේ ප්‍රදේශයේ පිහිටි සනීපාරක්ෂක කසල බිම් පිරවුම් මධ්‍යස්ථානයේදී මෙම පොලිතින් තොගය විනාශ කර ඇති බව සදහන්.
හෝකන්දර, ගම්පහ, පානදුර සහ මාතලේ යන ප්‍රදේශවලදී සිදුකළ වැටලීම් වලදී මෙම ප්‍රමිතියෙන් තොර පොලිතින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පරිසරයට හානිදායක අන්දමින් මෙම පොලිතින් නිෂ්පාදනය කර තිබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේ.
