Gossips

පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝග්‍රෑම් 2800 ක් අත්අඩංගුවට

පරිභෝජනයට නුසුදුසු අයුරින් සකස් කරන ලද මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ශීතකරන සහිත ලොරි 3 කට පැටවූ අදාළ මසුන් තොගය ඊයේ රාත්‍රියේ මුලතිව් – පුදුමාතලන් ප්‍රදේශයේදී සොයා ගත් බවයි.
ඒ සමග සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මුලතිව් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ මසුන් අල්ලාගෙන ඇත්තේ ඩයිනමයිඩ් සහ විෂ සහිත දැල් උපයෝගි කරගෙන බවට අනාවරණ වී තිබෙනවා.