Gossips

පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් හැටන් නගරයෙන් සොයාගැනේ (ඡායාරූප)

ගුල්ලන් සහ කෘමින් සහිතව හැටන් නගරයේ අලෙවි කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් විනාශ කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඊයේ (28) පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණීල්ලකට අනුවයි නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙම කඩල පැකට් නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්‍ෂක රාමයියා බාලක්‍රිෂ්නන් අප සමඟ පැවසුවේ.


(ඡායාරූප – හැටන් රංජිත් )