ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා යෝජිත විශේෂ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන කළමනාකර අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය සේවා ස්ථාන රැසක පරිපාලන සේවාවලට බාධා එල්ලවුණා.
