Gossips

පරිපාලනය කඩා වැටිලා – ගෝඨාභය

ලෝක බලවතුන්ගේ ග්‍රහණයට නතුව සිටින තුරු ශ්‍රී ලංකාවට දියුණුවීමට නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
වියත් මඟ වෘත්තීයවේදීන්ගේ හමුවකට කුලියාපිටියේදී ඊයේ (29) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ මේ වනවිට රටේ පරිපාලනය කඩා වැටී ඇති බවයි.
දක්ෂයන්ට නිසි තැන ලබානොදීම සහ අසාර්ථක කළමනාකරණය හේතුවෙන් පරිපාලන ව්‍යූහය කඩා වැටී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙම අවස්ථාවට එක්වූ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සදහන් කළේ භයානක පනත් කිහිපයක් සම්මත කළ ආණ්ඩුව රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ අවදානම තවදුරටත් පවතින බවයි.