Gossips

පරිපාලනයේ ගැටළු – අන්ධ විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය

පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් හේතුවෙන් රත්මලාන – අන්ධ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි එහි ආදි සිසුන් නියෝජනය කරන දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය ප්‍රකාශ කරනවා.
ඒ පිළිබඳ පැහැදිලි කළ එහි සභාපති චමීර පුබුදුකුමාර.
අප මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති ඩී. පෙරේරාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ පාසලේ පරිපාලන අංශයේ කටයුතු සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුම්වත්වීමක් නොමැති බවයි.
ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය රත්මලාන අන්ධ විද්‍යාලයේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂ් ද සිල්වාගෙන් පාසලේ පරිපාලන ගැටළු සම්බන්ධයෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ එවන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති අතර අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පසුගිය දිනෙක පාසලට පැමිණි බව ඔහු සදහන් කළා.