Politics Sri Lanka

පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති

පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති

පවතින අධ්‍යාපන හා සුභසාධන ගැටලු විසඳනවා වෙනුවට අසත්‍ය චෝදනා නගමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් කිහිපදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (05) රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්විණි.

විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ නිවෙස් වෙත දුරකතන ඇමතුම් ලබා දී දෙමාපියන් බියවැද්දීමේ කටයුතුවල නිරතව ඇති බවත් සිසූහු චෝදනා කරති.

පෙබරවාරි 13 සිට සිසුන් 12 දෙනෙකුගෙත් පෙබරවාරි 28 සිට සිසුන් 09 දෙනෙකුගෙත් ශිෂ්‍ය භාවය අහෝසි කර තිබේ.

මෙම කරණු මුල් කරගනිමින් පැවති එම උද්ඝෝෂණය රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබිණි.

අද පැවති විරෝධතාවයට සමගාමීව සිසු නායකයින් ඇතුළ සිසුන් 21දෙනාගේ පන්ති තහනම් ඉවත්කරගන්න ලෙස පරිපාලනයට බලකරමින් තාක්ෂණික පීඨයේ සිසුන් සහ ව්‍යවහාරික පීඨය සිසුන්ද අද සිට අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර ඇත.