Gossips

පරිඝනක සාක්ෂරතාව ඉහළට

මෙරට පරිඝනක සාක්ෂරතාව පසුගිය 2017 වසරේදී සියයට 28.6කින් වර්ධනය වී තිබෙනවා.
විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිඝනක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ග්‍රාමීය ප්‍රදේශවල සහ වතු ක්ෂේත්‍රයේ පරිඝනක සාක්ෂරතාව පිළිවෙලින් සියයට 27.1ක් සහ සියයට 9.1ක් ලෙසයි.
2017 වසර සැලකූ විට දිවයිනේ සෑම නිවෙස් 22.8කට එක් පරිඝනකයක් නියෝජනය වන පරිදි පරිඝනක පරිහරණය වී තිබෙනවා.
සෑම නිවෙස් 5කින් එකකම ඩෙස්ක් ටොප් පරිඝනකයක් හෝ ලැප්ටොප් පරිඝනකයක් තිබීම විශේෂත්වයක්.
පෞද්ගලික පරිඝනකවල සිට ස්මාට් ෆෝන් සහ ටැබ්ලට් වෙත යොමු වීම ද සැලකූ විට මෙරට ඩිජිටල් සාක්ෂරතාව සියයට 40.1ක් බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.