Gossips

පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද නම් කර ඇති බවයි.
පරිගණක වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාලයට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි මනෝ වෛද්‍ය එන්. කුමාරනායක වැඩිදුරටත් කියා සිටියේ.