Gossips

පරාජය සියලු දෙනා භාරගත යුතු බව නිදහස් පක්ෂ මහලේකම් කියයි

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ පරාජය මැතිවරණය මෙහෙය වූ සියලු දෙනා භාරගත යුතු බවයි.
පවතින දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.