Gossips

පරාජය වූ අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කරන්න පරිපූරක ඇස්මේන්තුවක්

අයවැය කාරක සභා විවාදය අතරතුර පරාජයට පත් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වෙනුවට ඒවාට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
පෙරවරු 9යි 30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මෙම පරිපූරක ඇස්මේන්තු ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
මෙම පරිපූරක ඇස්තමේන්තුව අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ද ලබා ගත්තා.
මෙම අමාත්‍යාංශ දෙක සඳහා ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුවේ වටිනාකම රුපියල් බිලියන 287කට අධිකයි.
මෙම අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ ඉකුත් 28 වනදා පැවති අයවැය කාරක සභා විවාද ජන්ද විමසීමේදී විපක්ෂය විසින් පරාජය කරනු ලැබුවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය වන අද තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.rnrn