Gossips

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දොරටු හතරක් විවෘත කරයි (ඡායාරූප)

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉහල යාම හේතුවෙන් වාන් දොරටු හතරක් අද (09) පස්වරුවේ විවෘත කර තිබෙනවා.
ජලාශයේ සමස්ත ජල ධාරීතාවය සියයට සියක් පිරී ඇති බවත් ඉදිරියේදීත් වර්ෂාව වැඩි වුහොත් වාන් දොරටු ප්‍රමාණය වැඩි කිරීමට සිදුවන්න බවත් පොලොන්නරුව කලාප වාරි මාර්ග කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ සමස්ත ජල ධාරීතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දහස් එකසියයක් බවත් එක් වාන් දොරටුවකින් ජලය තප්පරයට ඝන අඩි 560ක් පිටව යන අතර එම ජලය මහා වැලි ගඟට මුදා හැරෙනු ඇති.
මේ හේතුවෙන් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කළේ.

(ඡායාරූප – රොෂාන් තුෂාර තෙන්නකෝන්)