Gossips

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

පවතින වර්ෂාවත් සමග පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.
පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර ඇත්තේ එක් වාන් දොරටුවක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි.
ඒ අනුව එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ අඩි 560 බැගින් පිට කෙරෙනවා.
මෙම ජලය මහවැලි ගගට මුදාහැරෙන බැවින් ජලාශයෙන් පහළ ප්‍රදේශයේ මහවැලි ගග පරිහරණය කරන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය ප්‍රකාශ කළේ.


ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර