Gossips

පර්පෙචුවෙල් සමාගමේ ප්‍රධාන කාර්යාලය සී.අයි.ඩී. පරීක්ෂාවට

ප්‍රශ්ණගත බැඳුම්කර සිද්ධියට අදාළව පවතින විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ කොළඹ – 02 පාක් වීථියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කළා.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් සෝදිසි වරෙන්තුවක් මතයි මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ.
රාත්‍රී 7 ට පමණ ආරම්භ කළ මෙම සෝදිසි මෙහෙයුමේදී එම කාර්යාලයේ තිබූ ලිපිලේඛන සහ පරිගණක දත්ත පොලිස් නිලධාරින්් දැඩි සෝදිසියට ලක් කර තිබෙනවා.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව සිදු කෙරෙන පරීක්ෂණවලට අවශ්‍ය ලිපි ලේඛන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්ට අධිකරණය පසුගිය 24 වනදා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එහෙත් එම නියෝගය උල්ලංඝනය කිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෝදිසි වරෙන්තුවක් හරහා මෙම පරීක්ෂාව සිදුකර ඇත්තේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 4 වනදා අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 7 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.