මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ටද එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
