Gossips

පර්පෙචුවල් දුරකථන හඬපට විකෘති කරවයි – අධිකරණය රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට දුරකථන සංවාද ඇතුළත් හඬපට ලබාදී ඇත්තේ විකෘති කිරීමෙන් පසුව බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සචිත්‍ර දේවතන්ත්‍රී එම හඬ පට විකෘත කර ඇති බව එහිදී අනාවරණ වුණා.
ඒ සඳහා පර්පෙචුවල් හිමිකරු අර්ජුන ඇලෝසියස් ආධාර අනුබල ලබාදී ඇති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ලක්මිනී ගිරිහාගම අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අනුව, ජනාධිපති කොමිසමට ලබාදී තිබූ හඬපට 4 ක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ හඬ පට 4 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ.