පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් අද උදෑසන ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රකාශද සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා.
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන මෙන්ම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නම් කෙරුණා.