Gossips

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ගනුදෙනු තවදුරටත් තහනම්

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාරික කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 6කින් අත්හිටුවා තිබෙනවා.
හෙට දිනය දක්වා අදාළ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකා මහබැංකුව විසින් මීට පෙර අත්හිටුවා තිබුණා.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් හෙට පස්වරු 4.30 සිට යළිත් වරක් අදාළ අත්හිටුවීම මෙලෙස දීර්ඝ කර තිබෙනවා.