Gossips

පරසන්ගස්වැවදී අකුණුසැර වැදී තරුණයෙකු මරුට

පරසන්ගස්වැව – ගෝ්නෑව – රඹෑව ප්‍රදේශයේදී අකුණුසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවසේ මුළුතැන්ගෙයි සිටියදී ඔහුට සහ තවත් පුද්ගලයින් තුන් දෙනෙකුට අකුණුසැර වැදී ඇත්තේ ඊයේ දිනයේයි.
බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදීයි 19 හැවිරිදි මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අකුණුසැර වැදුණු අනෙක් පුද්ගලයා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.