පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද සිදුකෙරෙනවා.
නුග පත් යුෂ මිශ්‍ර නානු ගා, ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ.
මේ අතර, පුණ්‍ය කාලය හෙට පූර්ව භාග 7.45 සිට අපරභාග 8.33 දක්වා යෙදී ඇති අතර, ඒ අනුව පූර්ව භාග 7.45ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වනවා.
නව අවුරුදු උදාව සිදුවන්නේ හෙට අපරභාග 2යි 9ටයි.
